27.2 C
Colombo
February 19, 2026
Local NewsNews

අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කීය.

පෞද්ගලික පරිහරණය පිණිස මෙරටට වාහන ආනයනය කිරීම වසර 5කට පසුව පසුගියදා ආරම්භ වූ අතර, පළමු වාහන තොගය පසුගිය සතියේ තායිලන්තයේ සිට කොළඹ වරායට ගෙන්වනු ලැබීය.

එහි දෙවැනි වාහන තොගය ලෙස වාහන 196ක් පසුගිය 27 වැනිදා හම්බන්තොට වරායට පැමිණි බව කී සම්පත් මෙරිංචිගේ මහතා මේ මාසයේදී පමණක් ආනයනකරුවන් විසින් වාහන 4000කට වැඩි සංඛ්‍යාවක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද පැවසීය.

ආනයනික වාහන පැමිණීමත් සමඟ මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයි

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Maimoonar

බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයි

Maimoonar