Local NewsNews

මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…

යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) දින පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි මවකගේ හඩාවැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් සිදුවිය.

යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ (වර්ථමානයේ වව්නියාව විශ්වවිද්‍යාලය) ඉගෙනුම ලැබූ දිසානායක මුදියංසේලාගේ හසාන් සාගර  දිසානායක යන සිසුවාගේ උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි සිසුවාගේ මව සහතිකය ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස හඩාවැටීම හේතුවෙන් රැස්ව සිටි සියලු දෙනාට එය මහත් සංවේදි අවස්ථාවක් විය.

ඊට හේතුව තිබුනේ හසාන් සාගර දිසානායක සිසුවා මෙම උපාධි ව්‍යවහාරික ගණිතය සහ පරිඝනක පිළිබඳව විද්‍යාවේදී උපාධිස සඳහා පෙනීසිට විභාගයන්ටද මුහුණ දීමෙන් අනතුරුව අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකට ලක්ව මියගොස් තිබීමය.

කෙසේ වෙතත් ඊයේ දින පැවති උපාධි ප්‍රධානෝත්සයේදී උපාධි සහතිකය ලබාගැනීම සඳහා සිසුවාගේ මවට වේදිකාවට පැමිණෙන ලෙසට යාපනය විශ්වවිදයාලයේ කුලපති මහාචාර්ය සී. පද්මනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණි.

උපාධි ප්‍රධානොත්සවයේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා විසින් නිවේදනය කිරීමෙන් පසුව මව හඩාවැටෙමින් සිය පුතුගේ උපාධි සහතිකය ලබාගත් අවස්ථාවේදී ආචාරය් මහාචාර්ය වරුන්ද මහත් සංවේදී අවස්ථාවකට මුහුණ පෑය.

එමෙන්ම සිසුවාගේ මිතුරු සිසු සිසුවියන්ද හඩාවැටෙමින් උපාධි සහතිකය ලබාගත් මව වේදිකාවෙන් රැගෙන යාමට කටයුතු කිරීමද සංවේදී අවස්ථාවක් විය.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

Maimoonar

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Maimoonar

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Maimoonar