Local NewsNews

Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

අන්තර්ජාල සේවා සපයන්නට සඳහා සියයට පහළොවක් වන බදු මුදල මෙරටදී අය කර නොගතහොත් වෙනත් රටකදී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

මෙම බද්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ 30%ක ප‍්‍රතිශතයකින් අය කිරීමට අනුමත කර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එකක් බවද ඔහු පැවසීය.

නමුත් තම රජය මැදිහත්වී එය සියයට පහළොවක් දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Maimoonar

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Maimoonar

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Maimoonar