32 C
Colombo
February 19, 2026
BusinessBusiness NewsNews

‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10 (2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10 (6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය ‘ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරීකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.

ඉහත ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයෙකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරු වේ.

ඉහත කී නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලැබේ.

වැඩිදුර විමසීම් සඳහා :

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
දුරකථන අංකය : 0112 477 504
snbfi_query@cbsl.lk

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Maimoonar

නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි

Maimoonar

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

Maimoonar