Local NewsNews

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු මේ වනවිට පොලිස් සේවයෙන් පහකර ඇත.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශනයකට අනුව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින බව හෙළි කරගෙන තිබේ.

එම නිලධාරීන් සියලු දෙනාද ඉදිරියේදී පොලිස් සේවයෙන් පහකිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම සියලු නිලධාරීන් වසර 3ක් වැනි කාල සීමාවක් තුළදී පොලිස් සේවයට ඇතුළු වූ නිලධාරීන් බවද පොලිස් මූලස්ථානය පවසයි.

මොවුන්ගෙන් වැඩි දෙනෙක් කොළඹ සහ කොළඹට තදාසන්න පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරි කරන නිලධාරීන් වන අතර වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින මෙම නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණ වෙත ඉදිරිපත් කර ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් පොලිස් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග මහතා පවසයි.

Related posts

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Maimoonar

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

Maimoonar

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Maimoonar

2 comments

Comments are closed.