28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති ව්‍යුහය තුළ රජයේ වාහන ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන් සදහා බදු නිදහස් වාහන බලපත්‍රයක් ලබා දීම දැනට පවතින නෛතික ක්‍රමවේදය බවත් ඉන් පරිබාහරව රජය විසින් මන්ත්‍රීවරුන්ට වාහන සංචිතයකින් ලබාදීම හරහා රජයට අමතර වැය බරක් එක්වන බවත් එය නීත්‍යානුකූල නොවන ලෙස සිදු කළහොත් රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් ඔවුන්ගේ අදහසයි.

නීත්‍යානුකූල ක්‍රමවේදයකින් බැහැරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුට හෝ වාහන ලබා දුන්නොත් එය නීතිය හමුවේ අභියෝග කිරීමට තීරණය කර ඇත.

Related posts

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Maimoonar

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Maimoonar

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Maimoonar