32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි.

වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වානි දැමීම ආරම්භ වී ඇත.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඔ්මන්ත මඩත්තුවිලාන්කුලම් වැව අධික වර්ෂාවන් හේතුවෙන් කැඩී ගොස් ඇති අතර කැඩී ගිය වැව් බැම්ම යුදහමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිලිසකර කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් කුඩා වැව් වලට අමතරව මහවැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින් වාන් ජලය නිසාවෙන්  පහත්බිම් වල සිටින ජනතාවට ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදාකලමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී ඇත.

Related posts

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Maimoonar

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

Maimoonar

වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…

Maimoonar