January 23, 2026
Local NewsNews

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් හත්ලක්ෂ දොලොස් දහස් තුන්සිය දහනමයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

පසුගිය 04,05 සහ 06 දිනයේ විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 දෙදින රාජකාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Maimoonar

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Maimoonar

විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කිරීමේ ඉලක්කය කරා රජය සාර්ථකව ගමන් කරයි

Maimoonar