NewsPolitical

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට ගෙයින් ගෙට ගොස් බෙදීමට කටයුතු කරන බව පැවසීය.

සැප්තැම්බර් 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස මේවනවිටත් ප්‍රකාශයට පත් කර තිබේ.

එදින පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා බෙදීම් සිදුකිරීමට නියමිත බව පැවසීය.

සැප්තැම්බර් 14 වැනිදා දක්වා පමණක් ගෙයින් ගෙට ගොස් බෙදීම් සිදු කිරීමට නියමිතයි.

යම් පුද්ගලයකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුනේනම් 14 පසුව තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

Maimoonar

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

Maimoonar

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Maimoonar