28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

හෝමාගම පොලීසිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.

ගැටුම හේතුවෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්ගත කර සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ
සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවයි.

“බීමත්ව අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයෙක් ව හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබුණා. ඔහුව බැලීමට තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසියට ගිහින්. ඔවුන් සම්බන්ධයෙන් තමයි මේ පොලීසියේදී ගැටුමක් ඇතිවුණා කියලා කියන්නේ. ඔවුන් කියනවා පොලීසියේදී පහර දුන්නා කියලා රෝහල් ගත වෙලා. පොලිස් නිලධාරියෙකුත් රෝහල් ගත වෙලා”

Related posts

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

Maimoonar

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායක

Maimoonar

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Maimoonar