News Political

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවද පැවසූ ඔහු අවශ්‍ය වෙලාවට එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ළඟට පැමිණෙනු ඇති බවද කියා සිටියේය.

2019 දී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් අතින් රනිල් වික්‍රමසිංහ මහතාට වරදක් වූයේ නම් එහි පොලියත් සමග මෙවර වික‍්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවද හෙතෙම පැවසීය.

තම සහෝදරයාද මේ දිනවල එහෙට මෙහෙට යන බවට තොරතුරු ඇතැයිද තමන් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

Shiran Viraj

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

Shiran Viraj

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

Shiran Viraj