NewsPolitical

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවද පැවසූ ඔහු අවශ්‍ය වෙලාවට එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ළඟට පැමිණෙනු ඇති බවද කියා සිටියේය.

2019 දී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් අතින් රනිල් වික්‍රමසිංහ මහතාට වරදක් වූයේ නම් එහි පොලියත් සමග මෙවර වික‍්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවද හෙතෙම පැවසීය.

තම සහෝදරයාද මේ දිනවල එහෙට මෙහෙට යන බවට තොරතුරු ඇතැයිද තමන් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…

Maimoonar

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

Maimoonar