27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද දෙරට අතර පවතින ධීවර ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබෙන තෙක් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබා නොදෙන බව ඇමැතිවරයා විසින් මෙහිදී දැනුම් දී ඇත.

අරුණ බෝගහවත්ත
– Divaina

Related posts

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Maimoonar

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

Maimoonar

කොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකට

Maimoonar

1 comment

Comments are closed.