October 31, 2026
Local NewsNews

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද දෙරට අතර පවතින ධීවර ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබෙන තෙක් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබා නොදෙන බව ඇමැතිවරයා විසින් මෙහිදී දැනුම් දී ඇත.

අරුණ බෝගහවත්ත
– Divaina

Related posts

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Maimoonar

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Maimoonar

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

Maimoonar

1 comment

Comments are closed.