Local NewsNews

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

රිය ධාවනයේ දී වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ක්‍ෂය වීමේ ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ අනුව වැඩිම වශයෙන් වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය ඉක්මනින්ම අහෝසි වන නීතිය ක්‍රියාත්මක වනු ඇති බවද හෙතෙම පැවසීය.

රියදුරු බලපත්‍ර ලබා දීමේ පුහුණු පාසැල් වලට ද හික්මීමක් ඇති රියදුරන් බිහි කිරීම වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.

දඹුල්ලේ දී මාධ්‍ය අමතමිනි ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Maimoonar

ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

Maimoonar

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

Maimoonar