27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

කොරෝනා වසංගතය ලෝකය තුළ තිබෙන තුරාවට මෙරටටද එහි අවදානම ඇති බව තම සංගමය වෛරසය  වාර්තා වූ මුල් සමයේ සිටම ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

රටේ ජනතාව තුළ වෛරසය පිළිබඳව තිබූ අවදානම ඉවත්ව පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්වීම නිසා  නැවත මෙම කොරෝනා අවදානම ඇති වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු මේ අදහස් පළ කර තිබුණේ යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එකතු වෙමිනි.

තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සහ උපදෙස් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඇතැම් ආයතනයන් නොසලකා හැරි බවත් ඒවා කඩ කරමින් විවිධ වැඩසටහන් පවා පැවැත් වූ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අවම ආරක්ෂාව සඳහා මුහුණු ආවරණ පළඳින ලෙස කළ ඉල්ලීම පවා බොහෝ දෙනා නොසලකා හැරි බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එම වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේය.

එම වැඩසටහන පහතින්, 

Related posts

රාජිත සේනාරත්න අතුරුදන්

Maimoonar

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Maimoonar

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

1,044 comments

Comments are closed.