28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව පොලිසිය සඳහන් කර ඇත.

ඊට අදාළ ලිපිය විරෝධතාවය සංවිධානය කරන පාර්ශවවලට දැනටමත් යොමුකර තිබේ.

ලිපියේ දැක්වෙන්නේ එම විරෝධතාවය පැවැත්වෙන කාලසීමාව තුළ කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන බවත් වෙලදාම් සිදු කරන බවත් එනිසා විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බැවින් ඊට අවසර ලබා දිය නොහැකි බවයි.

එමෙන්ම විරෝධතා සඳහා භාවිතා කරන ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ද මෙතෙක් අවසර ලබාගෙන නැතැයි ද පොලිසිය කියා සිටී.

විරෝධතා හේතුවෙන් මාර්ග අවහිර කිරීම හෝ බාධා සිදු වුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය තවදුරටත් දැනුම් දී තිබේ.

Related posts

වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයි

Maimoonar

නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..

Maimoonar

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Maimoonar