Local News News

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

මුදල් ඇති නැති සියලුම දෙනා රජයේ රෝහල වලින් නොමිලේ බෙහෙත් ගැනීම අසාධාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

මුදල් නැති අයට නොමිලේ බෙහෙත් ලබාදීමටත් මුදල් ඇති පුද්ගලයන්ට මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමටත් ක්‍රමවේදයක් රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක කළ යුතු බව ද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීයත.

මෙම ක්‍රමවේදය හරහා මෙරට සෞඛ්‍ය සේවය විධිමත්ව පවත්වා ගෙන යා හැකි බවද ඔහු සඳහන් කරයි.

ජනතාවගෙන් උපයා ගන්නා බදු මුදලින් රජය නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට උත්සාහ ගත්ත ද එය මෙතෙක් සාර්ථකව සිදු වී නැති බවත් ඉදිරියට ද සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.

මුදල් ඇති අයත් නැති අයත් රජයේ රෝහල් වලින් නොමිලේ බෙහෙත් ලබා ගන්නවා නම් මෙය අසාධාරණ ක්‍රියාවලියක් බව ද පැවසූ ඔහු මුදල් නැති අයට පමණක් නොමිලේ ඖෂධ ගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවද කියා සිටියේය.

Related posts

නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

Shiran Viraj

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Shiran Viraj

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Shiran Viraj

1,827 comments

Comments are closed.