30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් යම් සීමාවක් යටතේ පාලනය කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නම් ඒ අය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු බව දැනුම්දී තිබේ.

ඒ නුදුරේදීම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සමගම ඩොලරයේ අගය නැවතත් ඉහල ගොස් සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

මාස 12ක් තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවට හෙළිදරව්වක්

Maimoonar

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග

Maimoonar

සහනාධාර මලු විකිණීම ගැන පරීක්ෂණ අරඹයි: කොළඹ ආසන්නයේ සිද්ධීන් රැසක් වාර්තා වෙයි

Maimoonar