Local NewsNews

ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..

ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තිබෙන බලශක්තිය කළමණාකරණය කරගත යුතු නිසා විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ක්‍රමවේදයක් ගෙවීමේ ක්‍රමයට සම්පාදනය කිරීමට මේ දිනවල කටයුතු කරමින් ඇති බවද හෙතෙම පැවසීය.

ඒ ආකාරයට ගෙවීමේ ක්‍රමයට සූර්ය පැනල සවි කරගත හොත් ආගමික ස්ථාන සඳහා විදුලි බිල ගැටලුවක් නොවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මතුකල ප‍්‍රශ්ණයකට ප‍්‍රතිචාර දක්වමිනි.

කෙසේවෙතත් ආගමික ස්ථාන සඳහා යම් සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් උපදෙස ලැබුණහොත් ඒ අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Related posts

‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර

Maimoonar

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Maimoonar

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Maimoonar

831 comments

Comments are closed.