32 C
Colombo
February 19, 2026
Local NewsNews

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

ව්‍යාජ  රු 500 නොට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරින් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බැංකුව වෙත පැමිණ බැංකුවේ අයකැමි වෙත පවසා ඇත්තේ රෙදි සෝදන අවස්තාවේ ඇදුමෙහි සාක්කුවෙහි තිබු රු 500 නොට්ටු ජලයට විනාශ වු බවත්, ඒ අනුව එම මුදල් මාරු කර දෙන ලෙසයි.

කාන්තාව විසින් ලබාදුන් මුදල් නොට්ටු බැංකු නිලධාරින් විසින් පරික්ෂා කර බැලිමේදි එය ව්‍යාජ නොට්ටු බවට තහවුරු වු නිසා එම කාන්තාව පරික්ෂා පැවැත්විම සදහා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අවු 30 පමණ වයසැති දෙදරු මවක් බවත්, සැකකාරිනිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ මුල්ස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…

Maimoonar

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Maimoonar

චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.

Maimoonar

325 comments

Comments are closed.