28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තිය මත රටම වසා දැමීමේ තත්ත්වයකට යාමේ ඉඩක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනමුත් එම තත්ත්වය වළක්වා ගැනීමට නම් අවදානම් කලාපවල දැඩි සංචරන සීමා ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ දැනට හඳුනාගෙන ඇති රතු අවදානම් කලාප සීමා වසා දමා ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක‍්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවධානමෙන් විදිය හැකි බවයි.

වෛරසය තවදුරටත් රට පුරා පැතිරීම වළක්වා ගැනීමට නම් අහඹු පරීක්ෂණ සිදුකළ යුතු බවත් පැවසූ ඔහු ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවද පැවසීය.

මේ වන විටත් පරීක්ෂණ සඳහා එකතු කරන ලද ජීව සාම්පල 20,000ක් පමණ ශීතාගාර වල සිරවී තිබෙන බවත් ඒවා තවදුරටත් ප්‍රමාද වුවහොත් ඉන් කිසි ප්‍රතිඵලයක් නැති වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ රට වසා දැමීමේ වුවමනාවක් මෙතෙක් ඇති වී නොමැති බවයි.

ඇති වී තිබෙන කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීම ප්‍රමාණවත් වේ යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

lankacews.com

Related posts

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

Maimoonar

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

Maimoonar

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Maimoonar

4 comments

Comments are closed.