28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර ඇත.

රජයේ පුවත්පත් සමාගම් සහ පෞද්ගලික සමාගම් වල පුවත්පත් බෙදා හරින වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබාගැනිමට නොහැකි වු නිසා දිවයිනේ ප්‍රදේශ රැසකටම පුවත්පත් අලෙවි නියෝජතියන් වෙත පුවත්පත් ලැබි නොමැති බව පවසති.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් පුවත්පත් අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ ඉන්ධන නොමැති නිසා පුවත්පත් බෙදා හැරිම තාවකාලිකව නතර කර ඇති බවට සමාගම් විසින් තමන් වෙත දැනුම් දුන් බවයි

– රංජිත් රාජපක්ෂ

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Maimoonar

විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයි

Maimoonar

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Maimoonar

4 comments

Comments are closed.