NewsPolitical

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ එවන් තත්ත්වයක් ඇති කර ගත යුතු නැතැයි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදීය.

තමන්ද එම අවස්ථාවේ එහි සිටි බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නමුත් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ රුසියාවෙන් සැපයුම්කරුවන් අඩු මිලට තෙල් ලබාදීමට ඉදිරිපත් වී නැති බව වුවද තමන් පිළි ගත යුත්තේ අග්‍රාමාත්‍යවරයා පවසන දේද බලශක්ති අමාත්‍යවරයා පවසන දේ දැයි ප්‍රශ්න කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…

Maimoonar

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Maimoonar

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

Maimoonar