February 12, 2026
BusinessBusiness NewsNews

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු තක්කාලි (27) දින වන විට රු 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු 120 කට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

උඩරට සැම එලවළු කිලෝවක්ම රු 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු 850 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

පහතරට සැම එලවළු කිලෝවක්ම රු 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු 120 සිට රු 250 දක්වා ඉහල මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොඤක්කා කිලෝවක් රු 120 කට . මදුළු ගැලවු කොස් කිලෝවක් රු 150 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

එලවළු තොග මිල ඇතැම් ස්ථාන වල අඩු වුවද එලවළු ප්‍රවාහනය කිරිම සදහා ඉහල ගිය ඩිසල් මිල හමුවේ විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, එම තත්ත්වය මත සහ දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ ඇතැම් එලවළු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

Related posts

මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…

Maimoonar

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

Maimoonar

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Maimoonar

463 comments

Comments are closed.