BusinessBusiness NewsNews

විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමති

ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න හා රජයේ රෝහල වැනි ස්ථාන ඇතුලත් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.

ඇතැම් කර්මාන්ත ශාලාවල හෝටලවල ඉක්මනින්ම විදුලි ගාස්තු වැඩි කල යුතු බවත් විදුලි බිල තුන්හතර ගුණයකින් ඉහල යාමට ඉඩ ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 750 ක් වියදම් වුවත් වසරකට ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 250ක් බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අද

Maimoonar

බොරැල්ල පල්ලියේ, ලංකා හොස්පිටල් බෝම්බ දෙකම තිබ්බේ මමයි..- ඇල්ලූ දොස්තරගේ පාපොච්චාරණය මෙන්න…

Maimoonar

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්…

Maimoonar

1 comment

Comments are closed.