32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

තම ධූරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු හමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු තම මෝටර් රථයද විකුණා දමා විදෙස්ගත වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සරවණරාජා මහතා පවසන ලෙස ඔහුට කිසියම් ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය තිබූ බවද විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටී.

මේ අතර සරණ රාජා මහතාගේ බිරිඳ විසින් අධිකරණ සේවා කොමෂන් සභාවට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ විනිසුරුවරයා ගෙන් තමන්ට හිංසා සිදු වන බවය.

ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවා කැඳවමින් පරීක්ෂාවක් ද සිදුකර තිබිණි.

පසුගිය මස 23 වැනිදා ඔහු තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසන් සභාවට යොමු කර තිබුණි.

එහි සඳහන්ව තිබුණේ තම ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හා අධික පීඩනය හමුවේ මෙම තීන්දුව ගන්නා බවයි.

Related posts

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Maimoonar

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

Maimoonar

ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි

Maimoonar