Business Business News News

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ.

පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි.

පොහොර ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම පොහොර සමාගම් විසින් පොහොර ලබාදීම සිදුකරන්නේ අත්පිට මුදලට පමණක් බවද අලෙවිකරුවන් කියති.

ඒ අනුව දැනට පවතින මිල යටතේ යූරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වෙයි.

Related posts

ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…

Shiran Viraj

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Shiran Viraj