NewsPolitical

තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…

තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

භික්ෂූන් වහන්සේලා පිරිසකට, පක්ෂ නායකයින්ට සහ ව්‍යාපාරික මිතුරන් පිරිසකට අගමැතිවරයා විසින් මේ බව පවසා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘අගමැතිතුමා තමන් අස් වන්න සූදානම් බවට භික්ෂුන් වහන්සේලාට පක්ෂ නායකයින්ට සහ ව්‍යාපාරික මිතුරන්ට කියා තිබෙනවා. නමුත් එතුමාගේ තනතුරට මුවා වී බලය අයුතුලෙස පාවිච්චි කරණ, තනතුරු රැක ගන්න හදන ජාවාරම් කරණ සුළු පිරිසක් අගමැතිතුමාට අස්වීමට ඉඩ නොදී එතුමා බලහත්කාරයෙන් රදවාගැනීමට උත්සහ කරණවා. ඒ පිරිස මේ කැත සෙල්ලම වහාම නතර කලේ නැතිනම් අපට ඒ අයව නම් කරන්න සිදු වෙනවා.

මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට දැවැන්ත ජයග්‍රහණ ලබා දුන්නු යුග පුරුෂයෙක්. ජනතාව විසින් හෝ මන්ත්‍රිවරුන් විසින් එලවා දමනවා වෙනුවට ගෞරවණීය සමු ගැනීමක් ලැබිය යුතු නායකයෙක්. එතුමාට උරුම ඒ ගෞරවනීය සමු ගැනීම අහිමි කරලා එතුමාව විනාශ කරන්න එපා කියා එතුමා වට කරගෙන සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනගෙන් අපි ඉල්ලා සිටිනවා’

Related posts

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

Maimoonar

ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි

Maimoonar

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

Maimoonar

1 comment

Comments are closed.