Business Business News News

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

සිමෙන්ති මිල ඉහල යාමත් සමග ඉල්ලුම අඩු වි ඇති බවත්,අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙලදසැල් වල රැස් නොකරන බවයි  සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Shiran Viraj

කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..

Shiran Viraj

Leave a Comment