Local NewsNews

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මහජනතාවගෙන් ඉල්ලා සිටී

“දැනට ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වමින් සිටින උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණ විශේෂයෙන්ම මෙම මාර්ගවල ගමන් කරන ජනතාවට ගමන් කිරීමට අපහසු වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව පසුගිය දින කිහිපයේදී නිරීක්‍ෂණය වු බව,” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටී.

විශේෂයෙන්ම රටේ විවිධ ප්‍රදේශ වෙත තෙල් බවුසර් රැගෙන යාමටත්, අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ ප්‍රදේශ වෙත රැගෙන යාමට හා මහා මාර්ගවල ගමන්කරන ජනතාවට ඇතිවන බාධා වැළැක්වීමටත් පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් එම සහය සඳහා යුද හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා ඇත. අප කිසිවිටෙකත් මේ දක්වාම සාමකාමී උද්ඝෝෂකයන් හට කිනම් හෝ බාධාවක් වන පරිදි කටයුතු කර නොමැත. මෙලෙස පහසුකම් සලසමින් සිටින අතරතුරදී, රටේ ජනතාව ඊයේ (20) දිනයේදී ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී සමහර ස්ථානයන්හී තිබූ බාධක ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයද දැකගන්නට හැකිවිය.

එලෙස ක්‍රියාකරන ලද බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාව වෙත අපගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගයම මේ අභියෝගාත්මක අවස්ථාවේදීද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් අප ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමු.

උද්ගතව ඇති වත්මන් තත්ත්වය යටතේ මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමට අවස්ථාව සලසාදීම සඳහා ඔබගේ පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස ආදරණිය ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් අප ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ”.

– Army media

Related posts

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Maimoonar

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

Maimoonar

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Maimoonar

1 comment

Comments are closed.