News Political

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව පත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍යධුරය නොලැබෙණු ඇති බවද එම ආරංචි මාර්ග කියා පැවසීය.

අද දිනය තුළ හෝ හෙට පෙරවරුවේ මෙම ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කරමින් තිබේ.

අප්‍රෙල් 11 වැනි දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට නියමිත අතර ඊට පෙර මුදල් ඇමතිවරයෙක් පත් කිරීම අනිවාර්ය වී ඇත.

මේ අතර යෝජනා වී ඇති අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව පළ වී නැතැයිද දැනගන්නට ඇත.

Related posts

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

Shiran Viraj

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

Shiran Viraj

පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

Shiran Viraj

Leave a Comment