NewsPolitical

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු පැවසීය.

අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනය මුහුණ දෙමින් සිටින බවත් එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

සති අන්ත පුවත්පතක් වෙත ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

Related posts

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Maimoonar

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Maimoonar

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Maimoonar

31 comments

Comments are closed.