January 29, 2026
Local NewsNews

නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන්කර ඇති WP-PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත.

මෙම නිල රථය බාවිතයෙන් බල්ලන්ට බෙහෙත් ගන්න යෑම, රියදුරකු යෙදවිම කෙතරම් සාධාර්ණද ? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලු බදු යොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය.

එනිසාම නාගරික සංවර්ධන අධිකාරි ගොඩ නැගිල්ලේ 2011 වසරේ දඹුල්ල මහ නගර සභාව ආරම්භයේ සිටම පවත්වාගෙන ගිය ගොඩ නැගිල්ලෙන් ඉවත්ව බස් නැවැතුම් පොල උඩු මහලට නගර සභාව ගෙන යන්න තීර්ණයක් ගෙන ඇති බවද වාර්තා වේ.

එවැන් සමයක මේ අන්දමින් නගරාධිපතිවරයාගේ හෝ රියදුරුගේ බල්ලාට බෙහෙත් ගන්න නගර සභාවේ වාහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපති වරයාගේ දේශපාලන ප්‍රතිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති.

– මහින්ද උදයසිරි රත්නායක

Related posts

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Maimoonar

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

Maimoonar

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

Maimoonar