Local NewsNews

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර තොගයක් සහිත නැව දින හැත්තෑවක් පමණ කාලයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැවතී සිටින බවද ඔහු පැවසීය.

එම පොහොර තොගය රට ඇතුළුට ගැනීමට සුදුසු බවක් අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් නැති බවටත් ප්‍රමිති ආයතනය පවසද්දී ශාක නිරෝධායන සේවය එම පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් ඇති බව පවසන්නේ යයිස අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ආයතන දෙකක් එකිනෙකට වෙනස් පරස්පර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරද්දී චීන රජය ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ශ්‍රී ලංකාවට පළ කර ඇති බව ද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

වෙනිසියුලාවට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල වූ බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Maimoonar

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

Maimoonar

කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්

Maimoonar