28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

හැටන් හා අවට ප්‍රදේශවල එලවලු මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ සමහර හෝටල් වල එලවලු කෑම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රදේශවල මේ වන විට මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්,දෙහි ක්‍රිලෝව රුපියල් 800ත් 850ත් තක්කාලි ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, බෝංචි ක්‍රිලෝව රුපියල් 420ත් 440ත්, ගෙඩි ගෝවා, මෑකරල්, නෝකෝල්, ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්,වම්බටු ක්‍රිලෝව රුපියල් 24ත් 260ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 350ත් 370ත්, බිට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත්, අවර ක්‍රිලෝව රුපියල් 350ත් 360ත්, රාබු ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, බටානා ක්‍රිලෝව රුපියල් 140ත් 160ත් අල ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එලවලු මිල ගනන් මෙසේ දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග මෙම ප්‍රදේශවල සමහර හෝටල් වල රුපියල් 160කට අලෙවි කල එලවලු කැම පැකට්ටුවේ මිලද රුපියල් 200 දක්වා ඉහල දමා ඇති බවද එම පිරිස් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ වෙලදුන් පවසනුයේ රට තුල පවතින පොහෝර ප්‍රශ්නය හා පැවති අධික වැසි තත්වයන් හේතුවෙන් බොහෝ එලවලු වගාවන් විනාශයට පත් විමත් සමග ලැබෙන එලවලු තොග මිල දැඩි ඉහල යාමත් සමග මෙම තත්වයන් හටගෙන ඇති බවත්ය.

එමෙන්ම නත්තල් කාලය වන විට දැඩි එලවලු හිගයක් ඇතිවිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත එලවලු මිල මෙයට වඩා දැඩි ලෙස ඉහල යාමට ඉඩ තිබෙන බවත් එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේ

Maimoonar

විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…

Maimoonar

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Maimoonar

2 comments

Comments are closed.