28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

එලවළු තොග නොලැබිම සහ නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා (21) දින තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (22) දින විවෘත කල බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මාධ්‍යට (22) දින විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ (21) දින ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබු නිසා (22) දින නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබි ඇති සිමිති එලවළු ප්‍රමාණය තොග මිල 20% පමණ ඉහල ගොස් ඇති බවයි.

(21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් සිදු කල උද්ඝෝෂණයට රජය කඩිනමින් ප්‍රතිචාර නො දැක්වුවහොත් ගොවින් විසින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග අනුව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට සිදු වන බවයි සභාපතිවරයා කියා සිටියේ.

ශාක පෝෂණ පොහොර ආනයනය කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා (21) දින මාධ්‍යට කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ ගොවින් දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත්,දේශපාලඥයන්ට වඩා අමාත්‍යංශයක ලේකම්වරයෙක් කරන ප්‍රකාශයක් විශ්වාසවන්ත බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Maimoonar

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

Maimoonar

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Maimoonar

1 comment

Comments are closed.