BusinessBusiness NewsNews

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.

වව්නියාව දිස්ත්‍රීක්කයේ මීට පෙර ග්‍රාමීය ප්‍රදේශවලට සහ හොටෙල්, බේකරි නිශ්පාදන ආදි ස්ථාන වෙතට දර සැපයීම සිදු කලද මේ වන විට ගෑස් සහ ඉන්ධන මගින් දෛනික අවශ්‍යතාවන් ඉටුකරගත් නාගරික ජනතාවගෙන්ද විශාල වශයෙන් දර සඳහා ඉල්ලුමක් ඇත.

කෙසේ නමුත් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉල්ලුමට සරිලන අයුරන් දර සැපයීමටද අසීරු කටයුත්තක් වී ඇති නමුත් ඉදිරියේදී තමන්ට දර මගින් හොඳ ආදායමක් උපයාගත හැකි බවටද වව්නියාවේ දර කපන්නන් කියා සිටිති.

වව්නියාව මෙන්ම උතුරේ නාගරික ජනතාව බොහෝ දෙනෙකු මේ වන විට ගෑස් නොමැතිකමින් අපහසුතාවන්ට පත්ව ඇති අතරම බොහෝ දෙනෙකු දර මගින් අවශ්‍යතා සපුරාලීමට උත්සහ ගනිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

Maimoonar

තවත් මත්පැන් බලපත‍්‍ර..

Maimoonar

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Maimoonar

1 comment

Comments are closed.