28 C
Colombo
July 9, 2024
Business Business News News

රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් 22 වන දා සිට රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වීම් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

වසර තුනකට වරක් රාජ්‍ය බැංකු හතේ කළමනාකාරීත්වය හා එම වෘත්තිය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව මේ වසරේ සිට ඉදිරි වසර තුන සඳහා පසුගිය මාර්තු මාසයේදී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් ඉටු නොවූ බව සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් සේනානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු හෙට දිනයේ ඒ සඳහා සාකච්ඡාවක් ලබා දී ඇති බවත් පැවසූ ඔහු එය අසාර්ථක වුවහොත් විසි 22 දා එක්දින වැඩවර්ජනයක් ද ඉන්පසු දෙදින වැඩ වශයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

Related posts

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

රට පුරා සියළු බන්ධනාගාර Lockdown..

Shiran Viraj

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

Shiran Viraj

Leave a Comment