29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවයි.

“මේ දිනවල දිවයින පුරාම  ගොවී උද්ඝෝෂණ පැවැත්වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණවල ඉන්නේ නියම ගොවියෝ නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ. කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයෝ හදලා ඒවා පුච්චනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාට පහර දෙනවා. නමුත් ගොවියන්ට අමතකයි ඉතිහාසයේ පළවෙනි වතාවට වී කිලෝවකට රු.80ක් ලැබෙන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කාලේ කියලා.  මම ගොවීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඔබ බය වෙන්න එපා. ඔබට පොහොර රජයෙන් දෙනවා. ඔබේ නිෂ්පාදන රජය මිලදී ගන්න සූදානමින් ඉන්නවා . ඒ වගේම කාබනික වගාවෙන් ගොවිතැන පාඩු වුණොත් ඒ පාඩුව රජයෙන් ගෙවනවා. ඒ රජයේ සහතිකය ගැන විශ්වාස කරලා ඔ‍බ ඔබේ ගොවිතැනට යොමු වෙන්න කියලා මම ඉල්ලනවා” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

Related posts

මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

Maimoonar

19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයි

Maimoonar

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Maimoonar

4 comments

Comments are closed.