News Political

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා මහතා සඳහන් කරයි.

මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකිනම් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ බීමත් පිරිසක් කැඳවාගෙන පැමිණීම අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලද බවයි.

Related posts

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

Shiran Viraj

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

Shiran Viraj

58 comments

Comments are closed.