Local News News

බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය වසර 5 ක පමණ කාලයක් තිස්සේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිට ඇති අතර එහිදී ඇය මෙම අතවරයන්ට ලක්වී තිබේ.

කැලණියේ පදිංචි 29 හැවිරිදි තරුණිය මෙම හෙළිදරව්ව කර ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි. බෝගහවත්ත මහත්මිය හමුවේදීය.

මෙම තරුණියට සිදුවූ අතවර සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.

අතවරයට පත් තරුණිය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා තමාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කළ බවත් තමන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ තමා බදාගෙන සිපවැළඳ ගැනීම් කළ බවත්ය.

රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා විසින් මෙම තරුණියට සිදුකළ තවත් බොහෝ ලිංගික හිංසයනයන් පිළිබඳව ඇය පොලිසිය හමුවේ හෙළිදරව් කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියන් 11 දෙනකු අතරින් නව දෙනෙකුගේ පොලිසිය ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

– divaina

Related posts

ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

Shiran Viraj

බිමල්ට තව ලොකු තනතුරක්…

Shiran Viraj

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Shiran Viraj

6 comments

Comments are closed.