28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය වසර 5 ක පමණ කාලයක් තිස්සේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිට ඇති අතර එහිදී ඇය මෙම අතවරයන්ට ලක්වී තිබේ.

කැලණියේ පදිංචි 29 හැවිරිදි තරුණිය මෙම හෙළිදරව්ව කර ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි. බෝගහවත්ත මහත්මිය හමුවේදීය.

මෙම තරුණියට සිදුවූ අතවර සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.

අතවරයට පත් තරුණිය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා තමාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කළ බවත් තමන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ තමා බදාගෙන සිපවැළඳ ගැනීම් කළ බවත්ය.

රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා විසින් මෙම තරුණියට සිදුකළ තවත් බොහෝ ලිංගික හිංසයනයන් පිළිබඳව ඇය පොලිසිය හමුවේ හෙළිදරව් කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියන් 11 දෙනකු අතරින් නව දෙනෙකුගේ පොලිසිය ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

– divaina

Related posts

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Maimoonar

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Maimoonar

කොවිඩ් ආසාදිතයින් 241ක්

Maimoonar

6 comments

Comments are closed.