News Political

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට කොමිසම් පත් කිරිම තුළින් පෙනෙන්නේ ඒකාධිපති වරයකු වීමට දරන උත්සාහය බවත් මේ ක්‍රියාවලිය රටට අහිතකර නිසා එයට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ගමට වැඩ කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයක් සහ දේශපාලන යන්ත්‍රයක් තිබී දී ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ නමින් විහිළුවක් රංග දක්වමින් සිටින බවද ඔහු කීය.

ජනාධිපතිවරයා සිටිය යුත්තේ ගමේ ප්‍රශ්න විසඳීමට නොව රටේ ප්‍රශ්න විසඳීමට බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයා රටේ ප්‍රශ්න පැත්තක දමා ගමින් ගමට ගොස් විශාල අවුල් නිර්මානය කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මෙසේ සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Shiran Viraj

මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

Shiran Viraj

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

Shiran Viraj

3 comments

Comments are closed.