28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට කොමිසම් පත් කිරිම තුළින් පෙනෙන්නේ ඒකාධිපති වරයකු වීමට දරන උත්සාහය බවත් මේ ක්‍රියාවලිය රටට අහිතකර නිසා එයට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ගමට වැඩ කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයක් සහ දේශපාලන යන්ත්‍රයක් තිබී දී ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ නමින් විහිළුවක් රංග දක්වමින් සිටින බවද ඔහු කීය.

ජනාධිපතිවරයා සිටිය යුත්තේ ගමේ ප්‍රශ්න විසඳීමට නොව රටේ ප්‍රශ්න විසඳීමට බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයා රටේ ප්‍රශ්න පැත්තක දමා ගමින් ගමට ගොස් විශාල අවුල් නිර්මානය කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මෙසේ සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…

Maimoonar

සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…

Maimoonar

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

Maimoonar

3 comments

Comments are closed.