Local News News

රත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා සිට පැමිණෙන ලොරිරථ සදහා කරත්ත යොදාගන ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ගෙනවිත් දෙන අයදවේ .

මේ පිරිස් වලින් සේවකයින් 50 දෙනකු හදිසි පරීක්ෂණ  සදහා මෙලෙස යොමු කල බවත් , එයින් සේවකයින් 23 දෙනෙකු හට වයිරසය ආසාදනවී ඇති බවට සනාත වීමෙන් පසු එම පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කරන අතර , ඉතිරි ආශ්‍රිත පිරිස් එම ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරනු ලබන බවය් එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය .

(එච් එම් ධර්මපාල )

gossiplankanews

Related posts

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

Shiran Viraj

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

Shiran Viraj