28.4 C
Colombo
June 21, 2025
Local News News

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

කෝවිඩ් ආසාදනවලින් 50% ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා එන්ගලන්ත රජයේ විශ්ලේෂණයක් උපුටා දක්වමින් මෙසේ සදහන් කර තිබේ.

සංචරනය සදහා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග විශ්ව විද්‍යාල සිසුන් නිවෙස් බලා යාමට පටන් ගැනීමට සහ, වැඩිහිටි නිවාසවල තම ඟාතීන් බැලීමට මිනිසුන්ට හැකි වන පරිදි වේගවත් පරීක්ෂණ භාවිතා කිරීමට ද, සංචාර වලදී සමාජ දුරස්ථභාවය අවම කිරීමට එක්සත් රාජධානිය පුරා සැලසුම් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, නිශ්චිත ලෙස රෝගීන් හදුනාගැනීමට වේගවත් කෝවිඩ් පරීක්ෂණ උපකරණ අසමත් වීම නිසා රෝග ලක්ෂණ රහිත කෝවිඩ් වාහකයන් විසින් එම වෛරසය වැඩිහිටි නිවාසවලට හෝ තම නිවෙස් වලට ගෙන ඒමේ අවදානම වැඩි කර ඇත.

විශේෂඤයින් විසින් උපාංගවල යෝග්‍යතාවය සහ ආරක්ෂාව පිළිබඳව මේ වන විට ප්‍රශ්න කර ඇත.

සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්සී) විසින් නිකුත් කරන ලද ලියවිල්ලක සඳහන් වන්නේ ලිවර්පූල්හි සිදුකල පරීක්ෂණවලින් අනාවරණයවූයේ, PCR පරීක්ෂණවලින් හදුනාගත් දස දෙනෙකුගෙන්, රෝගීන්ගෙන් 05ක් පමණක් මෙම Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණවලින් හදුනාගත් බවයි.

මීට පෙර සිදුකල රසායනාගාර යෝග්‍යතා අැගයීම් වලදී, Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ වගින් පුද්ගලයෙකු තුළ ඉහළ මට්ටමේ වෛරසයක් ඇති විට, ආසාදනවලින් සියයට 5 ක් පමණක් හදුනා ගැනීමට අපොහොසත් වන බවට යෝජනා කර තිබුණි.

පර්යේෂකයන් අතින් සිදුවන අත්වැරදීම් වලට (Human Error) එතරම් ඉඩක් නොමැති පාලිත පරිසරයක රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම මෙම විෂමතාවයට හේතුව විය හැකි බව එම වාර්තා වල සදහන්.

රසායනාගාර අවශ්‍ය PCR පරීක්ෂණ ලෝකයේ රන් ප්‍රමිතිය හෙවත් Gold Standard පරීක්ෂන ලෙස සලකනු ලබන අතර, කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හට එය සිදුකරනු ලැබේ.

එන්ගලන්ත රජයේ දත්ත වලට අනුව මෙම PCR පරීක්ෂණ සාර්ථක බවට පෙන්වා දී අැත.

“මෙම පරීක්ෂණය රජයේ සැලසුම් සඳහා සුදුසු නොවේ” යැයි බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ කොවිඩ් -19 පරීක්ෂණ පිළිබඳ කොක්රාන් සහයෝගීතා පර්යේෂණයේ නායක ජෝන් ඩීක්ස් පැවසීය.

යමෙකුට කෝවිඩ් හෝ ‘බෝ නොවන’ බව තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණ භාවිතා කිරීම මුළුමනින්ම අනාරක්ෂිත බව ඔහු සදහන් කර අැති බවට එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර අැත.

ඔහු තවදුරටත් පවසා අැත්තේ Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ ඔෟෂධයක් ලෙස සැලකුවහොත්, මෙය වහාම භාවිතයෙන් ඉවත් කග යුතු බවයි.

– repoter

lankacnews

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…

Shiran Viraj

කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

Shiran Viraj

1 comment

Comments are closed.