Local NewsNews

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

කොරෝනා වෛරසය නිසා යමකු මියගිය අවස්ථාවකදී එම මළ සිරුර භූමදානය කිරීමට අවසර ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ඒ සඳහා සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

කොවිඞ් – 19 වැලඳී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතුවූ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා.

lankaleadnews

Related posts

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Maimoonar

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Maimoonar

කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..

Maimoonar

3 comments

Comments are closed.