Local NewsNews

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වත් සමග එම කලාපයේ සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සිය ආහාර හා ඖෂධ ලබා ගැනීම ගැටලුවක් වී ඇත.

ඇතැම් කර්මාන්ත ශාලා වසා දමා තිබීම, වැටුප් නිසි ලෙස නොලැබීම ආදී කරුණු හේතුවෙන් ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොමැතිකම ද මීට ප්‍රධානම හේතුවක් වී තිබේ.

මෙසේ බෝඩින් කාමරවල සිරවී සිටින පිරිස් අතර සමහරුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබීම නිසා තත්ත්වය වඩාත් අයහපත් වී ඇතැයි සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් සංගමයෙන් මැදිහත්වී වියලි ආහාර සලාක දහසක් පමණ දුෂ්කරතා ඇති පුද්ගලයන්ට බෙදා දුන් බව ද ඔවුන් සඳහන් කරයි.

lankacnews

Related posts

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බිය නිසා පිරවුම්හල් අසල දිගු පෝලිම්; පවතින තොග ප්‍රමාණවත් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Maimoonar

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Maimoonar

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Maimoonar

7 comments

Comments are closed.