Local NewsNews

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත. එමෙන්ම  වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වදිදුරටත් සඳහන් කළේ.

nethnews

Related posts

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

Maimoonar

පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..

Maimoonar

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Maimoonar